කොළඹ නගරය කසළ පිරුණු නගරයක් බවට පත්කිරිමට කටයුතු කරන මෙන්ම ආගම්වාදය ඇතිකිරිමට උත්සාහ කරන අයගේ නම් අභියෝගයක් කරනවානම් හෙළි කිරිමට කටයුතු කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, කොළඹ අගනගර ආශ්රිත ප්‍රදේශයන් හි ඇතිවන ජල ගැලීම් හේතුවෙන් සිදුවන භෞතික හා සමාජීයීය, ආර්ථික බලපෑම අවම කිරීම සඳහා උතුරු කොළඹ නවමුතුවැල්ල භූගත උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
“කොළඹ කසළ ගැටළුව විසඳීම සඳහා අරුවක්කාලූවේ විද්‍යාත්මක කසළ රඳවනයක් අපි සාදා තිබෙනවා. උදේට කොළඹ නගරයේ දේශපාලනය කරන අය පුත්තලමට ගිහින් අරුවක්කාලූවට යන වාහනවලට ගල් ගස්සනවා. වනාතවිල්ලූවේ අයට නැතිව කිලෝමීටර් 35 ක් මෙහා සිටින අයටත්, කොළඹ ඉන්න අයටත් තමයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ.
මේ දේශපාලකයෝ කවුද කියලා තමුන්නාන්සේලා මතක තියා ගන්න ඊළඟ පාර නගර සභාවට, පළාත් සභාවට ඡන්දය දීමේදී කොළඹ කුණු කරන්න හදන, ආගම්වාදය අවුස්සන්න හදන අය පිළිබඳව තේරුම් ගෙන කටයුතු කරන්න. අපි නම් සඳහන් කරන්නේ නැහැ. කවුරු හරි අභියෝග කරනවා නම් නම් හෙළි දරව් කරන්නත් අපි ලැහැස්තියි.
පුත්තලමේ විද්‍යානුකූල කසළ බැහැරකිරීමක් නැහැ. ස්ථාන 13 ක කුණු දාල තිබෙනවා හැබැයි ක්ලීන් පුත්තලම් තමයි ව්‍යාපාරයේ නම. මේවයේ සම්පූර්ණ බර අපේ නිලධාරීන්ට දී තිබෙනවා. කණගාටුවෙන් සඳහන් කරන්න ඕනේ නගර සභාවේ කිසි කෙනෙක් විනාඩි 5 ක් මේ වෙනුවෙන් වැය කර නැහැ. අපේ නිලධාරීන් අද රෑ අටේ සිට උදෑසන අට වෙනකන් ඇහැරගෙන ඉන්නවා මේ කසල ටික ගෙනෙනකන් පොලිස් නිලධාරීන් හමුදා නිලධාරීන් සමග.
එකක් මතක තියා ගන්න අපි ඉදිරිය තිබ්බ අඩිය පස්සට තියන්නේ නැහැ. ලබන මාර්තු මාසය වන විට දුම්රියෙන් කසළ ගෙනයාමේ ව්‍යාපෘතියත් සාර්ථකව අවසන් කරනවා කාගේ විරෝධතා, මොන ආකාරයේ දේශපාලන මුග්ධ කි‍්‍රයා සිද්ධ කළත්.
ඒ වගේම මේ කොළඹ සහ අවට ප්‍රදේශවල කැළි කසළ ප්රශ්නය විසඳන්න නම් අරුවක්කාලූව වගේ කසළ රඳවනයන් 10 ක් 12 ක් මේ රටේ හැමතැනකම ඉඳිකළ යුතුයි. එය අනිවාර්යයෙන්ම මේ රටේ අනාගතයේදී සිදුවිය යුතුයි.
මේ ළඟදි අතිගරු ජනාධිපතිතුමා ගෙනආව කැබිනට් මණ්ඩලයට කසළ කළමනාකරණ ප්‍රතිපත්තියක්. මම එතුමාට කිව්වා ප්‍රතිපත්ති හොඳයි කි‍්‍රයාත්මක කරන්න ආයතනයක් නැහැ නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධන සංස්ථාව, මධ්‍යම පරිසර අධිකාරිය වගේ වැදගත්, බලගතු කසළ කළමනාකරණ අධිකාරියක් මේ රටට අවශ්‍යයි.
නැත්නම් මේ කොළඹ නගර සභාවට, බස්නාහිර පළාත් සභාවට මේ ප්‍රශ්නේ විසඳගන්න බැහැ ඒ නිසා වැදගත් බලගතු කසළ කළමනාකරණ අධිකාරියක් පිහිටුවා ගත යුතුයි මේ රටේ ඉදිරිය ගෙනයන්න. එය මේ කොළඹටත්, අනෙක් ප්‍රදේශවලටත් විසඳුමක් වෙනවා.”