ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
වසර ගණනාවක සිට රෝහල් භාවිතයෙන් ඉවත් කෙරුණු ගිලන්රථ 150ක් නැවත අලුත්වැඩියා කොට රෝහල්වලට බෙදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එහි මූලික අදියර ලෙස ගිලන්රථ විස්සක් අලුත් වැඩියා කිරීම ආරම්භ කර ඇති බවත් ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා ඊයේ (10දා) පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් වලට අනුව මෙම ගිලන් රථ සැකසීම ආරම්භ කළ බව සඳහන් කරන ඒ මහතා සම්පත් දායකයින්ගේ අනුග්‍රාහකත්වයෙන් මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ශ්‍රම දායකත්වය ලබා දීමට කැමැත්ත ඉදිරිපත් කල සේවකයන්ගේ සහාය ඇතිව මෙය සිදු කරන බව මන්ත්‍රිවරයා පැවසීය.
මුල්ලේරියාව වාහන අංගනයේ වසර ගණනාවක් පුරා භාවිතයෙන් ඉවත් කොට තිබූ ගිලන්රථ මූලික පියවර ලෙස අලුත්වැඩියා කිරීමට අරඹා මේ වන විටත් ගිලන්රථ කිහිපයක වැඩ අවසන් වෙමින් පවතින බවද ඒ මහතා පැවසීය.
ඇතැම් ගිලන්රථ භාවිතයෙන් ඉවත් කොට තිබුණේ දිරාපත් වීම නිසාම නොව විවිධ අමතර කොටස් නොමැති වීම නිසාවෙන් බව ද මන්ත්‍රිවරයා පැවසීය.
එහෙයින් ගිලන් රථ සඳහා සොයා ගත නොහැකි අමතර කොටස් ලබාදීමට සම්පත්දායකයින් සිටීනම් මෙම අලුත්වැඩියාවට වඩා පහසුවක් වන බව ද ඒ මහතා පැවැසීය.
මාස තුනක් ඇතුලත මෙම ව්‍යාපෘතියේ මුලික අදියරය නිම කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ මන්ත්‍රීවරයා එසේ අලුත්වැඩියා කරන ගිලන්රථ දුෂ්කර පළාත්වල රෝහල් සඳහා සේවයේ යෙදවීමට බලාපොරොත්තුවක් ඇති බවද පැවසීය.
එමෙන්ම මෙම අවස්ථාවේ ගිලන් රථ සඳහා මුදලක් වැය කරමින් විදේශයකින් ගිලන් රථයක් ආනයනය කිරීමට වඩා තියෙන සම්පත් උපයෝගී කරගනිමින් පවතින ගිලන්රථ නැවත අලුත්වැඩියා කොට නවීකරණයෙන් පසු නැවත භාවිත යෙදවීම වඩා ඵලදායි බව ද ඒ මහතා පැවැසීය.
රේඛා තරංගනී ෆොන්සේකා
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
TNA Tuesday, 11 May 2021 11:32 AM
They could have done these repairs too early. However now they say that these abandened ambulances can be repaired.
Reply : 0 0
vishva Wednesday, 12 May 2021 10:55 AM
Meken kotasak hari okkoma hari Hamudave Yanthopakarana saha Vidyuth Balakayata (SLMEC )dunnana nam ikmanatath ihala gunathmakava karai.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd