අඩු අදායම්ලාභී පවුල්වලට අයත් වැඩිහිටියන්, අබාධිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා මූල්‍යාධාර ලබාදීම වෙනුවෙන් රජය රුපියල් කෝටි 495ක් වෙන්කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
2018 වසරේ ඉදිරි මාස 03 සඳහා රුපියල් කෝටි 99ක් සහ 2019 වර්ෂය සඳහා රුපියල් කෝටි 369ක් ලෙස අදාළ මූල්‍යාධාර සඳහා මුදල් වෙන් කර තිබේ.
දැනට ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් මිලියන 1.9 කට ආසන්න ප්‍රමාණයක් ආර්ථික වශයෙන් අක්‍රීය තත්ත්වයේ පසුවන බවත්, එය සමස්ත වැඩිහිටියන්ගෙන් 74%ක් පමණ වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මේ වනවිටත් වැඩිහිටියන් 417000ක් වෙනුවෙන් කෝටි 83කට වැඩි මුදලක් සහ අබාධිත තැනැත්තන්32000ක් වෙනුවෙන් කෝටි 9කට වැඩි මුදලක් මාසිකව රජයෙන් වෙන් කරන අතර, වකුගඩු රෝගීන් 24000ක් සඳහා මාසිකව කෝටි 12ක් රජය විසින් වෙන් කරනු ලබන බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.