මේ මුදල් වර්ෂය සඳහා මුදල් සම්පාදනය කරන ආකාරය සහ වියදම් කරන ආකාරය පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත කර අනුමැතියක් ගෙන තිබියදී හදිසියේ වැටුප් වැඩි වැඩිකිරීම කිරීම සහ අනෙකුත් දීමනා සඳහා මුදල් සොයා ගන්නේ කෙසේද කියා දැනගැනීමේ අයිතිය පාර්ලිමේන්තුවට තිබෙන බව ජාතික ජන ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි .
මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා දෙනම බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් පසු අද (05) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතාවැඩිදුරටත් මෙසේ පැවසීය.
“වැටුප් වැඩි වැඩි කිරීම ඇතුළු අනෙකුත් සහන ලබාදීමට මුදල් සොයා ගනු ලබන්නේ කෙසේද යන්න සම්බන්ධව මුදල් ඇමතිවරයා රටට හෙළි කළ යුතුයි මෙය සහන මල්ලක් ද නැත්නම් විපත් මල්ලක් ද යන්න තීරණය වන්නේ ඒ මතයි .
මේ මුදල් වර්ෂය සඳහා මුදල් සම්පාදනය කරන ආකාරය සහ වියදම් කරන ආකාරය පාර්ලිමේන්තුවේ සම්මත කර අනුමැතියක් ගත්තා . ඒ සම්මත කරන වෙලාවේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා පැවසුවා අපි මරණ තුනක් වැනි අර්බුදයක ඉන්නේ කියලා .
එවැනි තත්ත්වයක් රටේ තිබේ දි තමයි ආණ්ඩුව සහන මල්ලක් දෙන්න කටයුතු කරල තියෙන්නෙ . අපි මුදල් ඇමැතිවරයාගෙන් අහන්න කැමතියි මේ වැටුප් වැඩි කිරීම සහ අනිකුත්දීමනා සඳහා මුදල් සොයාගන්නේ කෙසේද කියල . පාර්ලිමේන්තුවට ඒක දැන ගැනීමේ අයිතියක් තිබෙනවා. ගැටලුව තිබෙන්නේ සහන ලබාදීම පිළිබඳව නොව ඒ සඳහා මුදල් සොයාගන්නේ කෙසේද යන්න කාරණය සම්බන්ධයෙනුයි .
මේ වන විට රජය විශාල මුදල් තොගයක් අච්චු ගසා තිබෙනවා . එ් මුදල් තොග අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් විදියට දෛනිකව භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා .මේ සහන ලබාදීමට නැවත නැවත මුදල් අච්චු ගැසීමේ ක්‍රියාමාර්ගයකට නම් යන්නේ එමගින් සිදුවන්නේ තවත් අර්බුද ගණනාවක් නිර්මාණය වීම පමණයි .
ඒ නිසා මේ ආදායම උපයා ගන්නේ කෙසේද කියන කාරණය මත තමයි මේක සහන මල්ලක් වෙනවද නැත්නම් රටට විපත්තිදායක මල්ලක් වෙනවද කියන එක තීරණය වන්නේ.
අපේ රටේ විශාල අර්බුද ගණනාවක් මතු වී තිබෙනවා . මේ දේශපාලන ගමන්මග වෙනස් කළ යුතුයි .ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගය විදිහටවැඩපිළිවෙළක් ගොඩනඟා තිබෙනවා .
ආර්ථික අර්බුදයට හේතු යුද්ධය කියලා දශක ගණනාවක් අපිට කිව්වා. ඊට පස්සේ දැන් කියනවා මේ ආර්ථික අර්බුදයට මුළුමනින්ම හේතුව කොරෝනා කියලා . ඒක වැරදියි .කොරෝනා පටන් ගන්න කොට අපේආර්ථික වර්ධන වේගය ඍණ අගයකයි තිබුණේ .
මේ අපි හිර වෙලා ඉන්නේ ණය එක්කවත්කොරෝනා කාලයේ ගත්ත ඒවා නිසාවත්නොවෙයි .ජනවාරි මාසේ ගෙවීමට තිබෙන ඩොලර් මිලියන 500 ක මුදල අරගෙන තියෙන්නෙ තියෙන්නේ 2013 දී . ජුනි මාසයේ ගෙවන්න තියෙන ඩොලර් මිලියන 1000 ක මුදල අරගෙන තියෙන්නෙ එම වසරේදීමයි . මේ ණය අර්බුදයට හේතුව කොරෝනා නෙවෙයි . මෙතෙක් කල් අනුගමනය කරන ලද ආර්ථික ප්රතිපත්තිවල වැරදි නිසයි මේකට හේතුව .
ආණ්ඩුව හැම වෙලාවෙම ආර්ථිකය මෙහෙය වීමේදී දක්වන අසමත් බව වසා ගැනීම සඳහා එක එක කරුණු ඉදිරිපත් කරනවා . දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ අනුගමනය කර තිබෙන දේශපාලනික හා ආර්ථික ප්‍රතිපත්ති නිසා මේ රට අගාධයට ඇදීගොස් තිබෙනවා .මේ විනාශකාරී දේශපාලනික හා ආර්ථික ගමන නතර කිරීම සඳහා සියලු දෙනා එකතුවෙන්න කියලා මම ජනතාවට ආරාධනා කරනවා . අපි ආණ්ඩුවක් හදන්න උත්සාහ ගන්නේ මේ රට ගොඩ ගැනීමටයි” යැයිද පැවසීය .
ෂේන් සෙනෙවිරත්න
