පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අප්‍රේල් 21 දාට වසරක් පිරීම නිමිත්තෙන් බෞද්ධ විහාරස්ථානවල ඝණ්ඩා නාද කොට සංවේගය පළ කරන බව ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක හිමියෝ පවසති.
නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ සඳහන් කරන්නේ අඟරදගුරුතුමන්ගේ අදහසට ගරු කරමින් අප්‍රේල් 21 දා උදේ 8.40ට සියලු විහාරස්ථානවල ඝණ්ඨා නාද කොට සංවේගය පළකරන ලෙස මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටින බවයි.