ග්‍රෑන්ඩ්පාස් මහවත්ත පොදු සූසාන භූමිය තුල සැකකටයුතු ලෙස රැදී සිටි පුද්ගලයෙක් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන තෝල්ක මුදලිගේ චානක සම්පත් රුද්‍රිගු යන අයගේ සමීපතම සාමාජිකයෙකු වන ජයසිංහ ආරච්චිගේ ශාන්ත කුමාර නොහොත් ගොනා ශාන්ත නැමැත්තා බවට පරීක්ෂණ වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි
මෙම සැකකරු ඉකුත් 08 වෙනිදා තවත් 11 දෙනෙකු සමග ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයට ගොස් පුද්ගලයන් තිදෙනෙකු කපා බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු අපරාධ ගණනාවකට අවශ්‍යව සිටි පුද්ගලයා බව ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කල්දේරා මහතා පැවසීය
වයස අවුරුදු 30 ක් වන සැකකරු කොළඹ 15 හේනමුල්ල පදිංචි කරුවෙකි.
සැකකරු අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
නියෝජ්‍ය පොලිස්පති සුගත් නාගහමුල්ල ,ජේෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිලෙනිය,පොලිස් අධිකාරී නෙරංජන් අබේවර්ධන මහත්වරුන්ගේ උපදෙස් මත ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කල්දේරා මහතා පරීක්ෂණ පවත්වයි
බිමල් ෂ්යාතමන් ජයසිංහ