අපදාවෙන් විපතට පත් පුදුකුඩිඉරිප්පු ගම්මානයේ මාර්ග කටයුතු කඩිනම් කරන්න - පාඨලි
පසුගිය දා ගංවතුර තත්වයන්ගෙන් ආපදාවට ලක්වූ කිළිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල පාසල් ළමුන් 2000 ක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීම අද (03) කිළිනොච්චියේදී සහ මුලතිව් වලදී ඇමති චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සේවක සුභ සාධක සංගම් ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල දියත් කෙරිණ.
ඉන් අනතුරුව කිලිනොච්චිය සහ මුලතිව් පුදුකුඩිඉරිප්පු අවට ආපදාවෙන් හානියට පත් ගම්මාන තුනක් නිරීක්ෂණය කිරීමට ද අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන් එක් විය. එහිදී කණ්ඩාවලි පාසලට පුස්තකාලයක් සහ ගම්මානවලට ප්රවේශවන මාර්ගය සංවර්ධනය කිරීම සඳහා සුඛිත පුරවර ව්‍යාපෘතිය යටතේ ප්‍රතිපාදන ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා නියෝග කළේය. පුදුකුඩිඉරිප්පු ගම්මානයේ ප්‍රධාන පිවිසුම් මාර්ගය සම්පූර්ණයෙන් පිළිසකර කිරීමේ උපදෙස අමාත්‍ය චම්පික රණවක විසින් නාගරික සංවර්ධන අධිකාරියේ උතුරු පළාත් අධ්යක්ෂවරයා වෙත ලබාදෙන ලදි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
අපේ ලෝකයේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට සිදු වී තිබෙන හානිය නිසා උණුසුම වැඩිවෙලා තිබෙනවා. ඒ නිසා අපේ දූලා පුතාලට මේ ගංවතුර, නියං ප්‍රශ්වලට ඉදිරියේදී තවත් මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ නිසා අපි හැමෝම අධිෂ්ඨාන කරගත යුතුයි පරිසරය ආරක්ෂා කර ගැනීමට. අඩුවෙන් තෙල්, ගල් අඟුරු ගෑස් පාවිච්චි කළ යුතුයි. ඒ වගේම ගහකොළ රැකගත යුතුයි.

popular news
-
මුනසිංහ Friday, 04 January 2019 11:06 AM
මහා මාර්ග ඇමති මෙයාද? දකුනේ ගංවතුර වෙලාවේ නැති මානුශික මුහුනුවර උතුරට ගියේ ඇයි?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
