පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා බව හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි. අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එසේම මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දුරකතන ක්‍රියා විරහිත කරගෙන සිටින බවත් මෛත්‍රී- මහින්ද පාර්ශ්වයෙන් ඔවුන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් සහාය ඉල්ලා සිටින අකිල විරාජ් මහතා සඳහන් කළේය.
එසේම ඉදිරි මැතිවරණ සඳහා පුළුල් පෙරමුණකින් තරග කරන බවත් තවත් අවුරුදු 10ක් රට පාලනය කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.