පාර්ලිමේන්තුව 07 දා කැඳවන බවට නිවේදනයක් තමන්ට නොලැබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසිය. පාර්ලිමේන්තුව 07 දා කැඳවන බවට සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජිත්ද සොයිසා මහතා ඇඹිලිපිටියේදි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ 07 දා පාර්ලිමේන්තුව කැඳවන බවට නිවේදනයක් ලැබී ඇති බවයි.
මේ පිිළිබඳව රන්ජන් රාමනායක මහතාගෙන් කළ විමසුමකදි ඔහු ඉහත අදහස් දැක්විය. "එතුමා (රන්ජිත්ද සොයිසා) කියන දේවල්වලට වලංගුතාවක් නෑ" යැයි මන්ත්‍රිවරයා සඳහන් කළේය.