අපේ හමුදාව යුද සමයේ කි‍්‍රයාකාල ආකාරය හා සමානව මෙම තත්ත්වයට මුහුණ දෙන්න කටයුතු සිදුකරන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
අද (17) පැවති පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අබේවර්ධන මහතා,
රටේ මේ මතුව ඇති වංසගත තත්ත්වය හේතුවෙන් ජනතාව ඉතා බයෙන් සැකයෙන් පසු වෙන්නේ. ජනාධිපතිතුමා ගත් පියවර වශයෙන් නිරෝධායන මධ්‍යස්ථාන 16ක් මඩකලපුව, රන්ටැඹේ, කන්දකඩුව, උනානි, දියතලාව හා වව්නියාව වැනි ස්ථාන කේන්ද්‍රකරගෙන පිහිටුවා ඊට හොඳින් සුදානම් කර තිබෙනවා.
ඉතිහාසයේදීත් මෙවැනිම වසංගත පැතිරුණා. එනම් සාස්, ඉබෝලා වැනි වෛරස හඳුන්වන්න පුළුවන්. ඒ සියල්ලටම මුහුණදෙන්න හැකි වු බව කියන්න කැමතියි. චීනයෙන් පටන් ගත් මෙම වෛරස තත්ත්වය අද වනවිට රටවල් 140ක් දක්වා පැතිරි අවසන්.
ශී‍්‍ර ලංකාවට මේ තත්ත්වයට මුහුණ දීමට සිදුවුනේ ඉතාලිය හා කොරියාවෙන් පැමිණි ජනතාව නිසා බව මේ වනවිට තහවුරු වී තිබෙනවා. මාර්තු 1 වෙනදා සිට පැමිණි පිරිස මඟ හැරීම හේතුවෙන් තමයි මේ ගැටලූව උග්‍ර වී තිබෙන්නේ. මේ තත්ත්වය පාලනයට හමුදා බුද්ධි අංශ හා පොලීසිය පැහැර හරින්නන්අල්ල ගැනීමටත්, නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.
අපේ හමුදාව යුද සමයේ කි‍්‍රයාකල ආකාරය හා සමානව මෙම තත්ත්වයට මුහුණ දෙන්න කටයුතු සිදුකරනවා. ජනතාව දැනුවත් කරමින් වසංගත තත්ත්වය පාලනය කිරීමයි අපගේ වගකීම විය යුත්තේ.
ආසාදනයට ලක්වූවන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි. ආරක්ෂාකාරී ආකාරයෙන් කටයුතු කරලා ඊට අදාළ සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කිරීම වැදගත් වනවා. යම් විදිහට රටට සෘජු නායකයෙන් පත් නොවුනානම් මේ වනවිට කුමක්වේද යන්න ගැටලූවක් මතුවනවා යැයි ඔහු වැඩිදුරටත් පැවසීය .