ශ්රී ලංකාවෙ කොවිඩ් වසංගතය ඇතිවූ දා සිට මුලින්ම චීනයට වෛර කළ බවත් පසුව ඉතාලියේ හා දකුණු කොරියාවේ සිටි පැමිණි ශ්රී ලංකාවේ ශ්රමිකයන්ට එය සිදුකළ බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී බිමල් රත්නායක මහතා පැවැසීය.
ඉන් අනතුරුව මුස්ලිම් ජාතිකයන්ටත් පසුව නාවික හමුදාවටත් එම චෝදනා එල්ල කළ බවත් ශ්රී ලංකාවේ සමාජය මොන සමාජයක් දැයි ඔහු ප්රශ්න කරයි.
“ කොරෝනා වසංගතයට මුහුණ දීම සදහා ඕනෑම රටක ශක්තිමත්ම අවිය ජනතාව අතර සහයෝගීතාවයි. මුලින්ම අපි මේ සහයෝගීතාව ගොඩ නැගීමට උත්සාහ කරමු ” යැයි ඔහු සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.