නිරෝධායනයේ නෙමෙයි, හිරේ නෙමෙයි කොහේ දැම්මත් අපි මේ කොතලාවල පනත පරාජය කරන බවට ලංකා ගුරු සගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං මහතා පවසා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (12) දින මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේදී සමාජ මධ්‍යස්ථානය ඔස්සේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
පාර්ලිමේන්තු වටරවුමේදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විරෝධතාවක නිරත වූවේ යැයි පවසා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං ඇතුලු 33 දෙනෙකුගෙන් යුතු පිරිසට අත්අඩංගුවට ගෙන ඇපහිමි වුවද නිරෝධායන නීති උල්ලංගනය කිරීම හේතුවෙන් එම පිරිස් මුලතිව්හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙතට රැගෙන එනු ලැබීය.
එහි සිට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ජෝෂප් ස්ටාලිං මහතා වැඩිදුරටත් කියා සිටියේ,
‘රජය මේ සැරසෙන්නේ මුදලට උපාධිය විකිණීමටයි. ඒ වගේ ආපු සයිටම් දක්වා අපි සියලු දේ පරාජය කලා අපිව නිරෝධායන මධ්‍යස්ථාන වල නෙමෙයි හිරගෙවල්වල නෙමෙයි මොකේ දැම්මත් අපි මේ කොතලාවල පනතත් අනිවාර්යෙන්ම පරාජය කරනවා
‘අපි කාටත් කොරෝනා නැහැ ඒත අපිව ගෙනල්ල මෙහෙ දාලා පොලීසියට මොකද්ද තියන බලය මිනිස්සුන්ව කුදලගෙන ඇවිත් හමුදා කඳවුරුවල රඳවන්න දැනට තියෙන තොරතුරුවලට අනුව ලංකාවෙම ඔන්ලයින් නැහැ මේක දිගටම යන ක්‍රියාවලියක් .
තවද මෙම මාධ්‍ය සාකච්ඡාව වෙනුවෙන් වෙනුවෙන් ඒකාබද්ද රැකියා විරහිත උපාදිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් ඇතුලු පිරිසක්ද සහභාගී වූහ.