ඉදිරි මහා මැතිවරණයේදි පත්කරගන්න පාර්ලිමේන්තුවේදි විනයක් සහිත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවක් විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.
මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදි හෙතෙම මේ බව පැවසිය.
එහිදි අදහස් පළකල අමාත්‍යවරයා ,
‘‘ දින 77 ට අපි කරපු දේවල් අහනවනේ. දැන් බලන්න ගම්වල ඉන්න රැකියා විරහිත සාමාන්‍යපෙළ අසමත් රස්සාවක් හොයාගන්න බැරිව ඉන්න අයට රැකියාවක් දෙන ක්‍රමවේදයක් තිබුණේ නැහැ. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ක්‍රමවේදයක් හැදුවා සාමාන්‍යපෙළ අසමත් 8 සමත් ලක්ෂයකට, දැන් අමාත්‍යංශවල රැකියා ලබා දෙන්න ඉල්ලූම්පත්ර භාර ගන්නවා. සෑම ගමකම ගෙයක් හදන්න කටයුතු කරනවා. පාරවල් හදනවා කාපට් කරනවා. මේ දින 77 ඇතුලේ මෙතෙක් බලයට පත්වුණ කිසිම රජයක් කරපු නැති වැඩ කොටසක් කරලා තියෙනවා. ඒ වැඩ විතරක් නෙමෙයි රටේ විනය හදලා තියෙනවා. රටේ දැන් ආරක්ෂාව පිළිබඳව කවුරුත් මැසිවිලි නගන්නේ නැහැ. සහරාන්ලා පාතාලය ගැන කතා කරන්නෙ නැ කවුරුත්. දැන් පසුගිය මාස 6 ට පෙර ඇමතිවරයෙක් ආවම පොලිසියෙන් කොච්චර ඉන්නවද? කෝ අද ඒවා. ජනාධිපතිවරයා යන්නෙත් වාහන තුනකින්. දැන් දවස් කිපයකට පෙර රාජගිරියෙදි මම කලර් ලයට් වලට හිරවෙලා ඉන්නවා. මම නිකමට එළිය බැලූවම එහා පැත්තේ හිරවෙලා ඉන්නවා රටේ ජනාධිපතිවරයා. මිට කලින් ජනාධිපතිවරයට, අගමැතිවරයට, ඇමතිවරුන්ට රතු එළි අදාළ වුණේ නැහැ. නමුත් ගෝඨාභය මහත්තයා ජනාධිපතිවුනාම කිවුවා මේ නීතිය සැමට පොදුයි කියලා. රටේ විනය හදලා තියෙනවා.
අනිත් පැත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වුණාට අගමැති මහින්ද මහත්තයා වුණාට, අධ්‍යාපන ඇමති මම වුණාට පාර්ලිමේන්තුව කාගේද රනිල් මහත්තයගේ. 136ක් ඉන්නවා විපක්ෂයේ ආණ්ඩුවට ඉන්නේ 89 යි. ඉතින් අයවැයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද? එහෙනම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙනවා. දැන් අපි පාර්ලිමේන්තුව විසුරුවන දිනට ළංවෙලා ඉන්නේ. මාර්තු මාසේ දෙවැනිදා ජනාධිපතිවරයට බලතල ලැබෙනවා මේ පාර්ලිමේන්තුව විසුරුවන්න. ඊට ඉස්සෙල්ලත් පුළුවන් තුනෙන් දෙකක් තියෙනම්. එක එක පක්ෂ යෝජනා ගෙන එනවා තාම අපි තින්දුවක් අරගෙන නැහැ. වැඩිම වුණොත් මේ පාර්ලිමේන්තුව තියෙන්නෙ තව දවස් 21 යි. හැබැයි පත්කරගන්න පාර්ලිමේන්තුව විනයක් සහිත ගෝඨාභය මහත්තයගේ පාර්ලිමේන්තුවක් විය යුතුයි යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.