වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම වෙනුවෙන් කැපවී ක්‍රියා කළ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත විවේචනය කරමින් අදහස් දැක්වූහ.
උන්වහන්සේ සඳහන් කළේ මේ ආකාරයට කටයුතු කළහොත් රාජපක්ෂවරුන් ජනතාවගේ හදවතින් ඈත්වෙන බවත් අනාගතයක් නැති වෙන බවත්ය.
එසේම වත්මන් පාලකයන් තමන්වහන්සේලා පවසන දේ පිළිනොගන්නා බවත් සඳහන් කළහ.
“අපි මොනවා කථා කළත් මේ පාලකයෝ අපි කියන දේවල් පිළිගන්නේ නැති තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. අද අපේ රට අවුල් වියවුල් වෙල් ඉවරයි.
හරි තැන හරි වැඩ කරන් මිනිස්සු නෑ. සම්බන්ධීකරණය නෑ. දේශපාලඥයින් සුදුසු නිලධාරීන් සුදුස් තැන්වල අද එක්කෙනෙක්වත් නෑ.
ජනතා බලය ගත්තත්, ජනතාව බලය දුන්නත් අද ජනතාවට කවදාවත් නැති විදිහේ දුක් වේදනා කන්දක් විදින්න සිදුවෙලා තියෙනවා. සමහර අයට බලය ආවම උද්දච්ච කම ඇතිවෙනවා.
අද විශේෂඥ වෛද්‍යවරු වැඩකාරයෝ බවට පත්වෙලා. ආණ්ඩුව ජයග්‍රහණය කරන්න පෙරමුණ ගත්තතනම්, ආණ්ඩුව ඉදිරියට ගෙනියන්නත් අපි පෙරමුණ ගන්නවා. නමුත් ගත්තට වැඩක් නෑ.
මහින්ද මහත්තයෝ තව ටික දවසක් යනකොට ජනතාවගේ හදවතින් ඔබ ඈත් වෙනවා. ඔබටයි ජනතාව සළකන්නේ.
ඔබ කථා බහ නොකර ඉන්නවානම් ජනතාව ටිකෙන් ටික ඈත් වෙන ගතියක් තිබෙනවා පමණක් නෙමෙයි අනාගතයේදී රාජපක්ෂලත් ජනතාවගේ හදවතින් ඈත් වෙනවා විතරක් නෙමයි අනාගතයකුත් නැතිවෙයි කියලා අපිට ඉතාම පැහැදිලිව පේනේන්.
දැන් බලා හිටියා ඇති. තවදුරටත් බලා ඉන්නවද රටට උචිත වැඩපිළිවෙළක් යොදනවද කියලා දැන් බලන්න ඕන.”