වත්මන් ආණ්ඩුව කිසිඳු මන්ත්‍රීවරයෙකුට මත්පැන් බලපත්‍ර ලබාදී නොමැති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
මත්පැන් බලපත්‍ර ලබාදීම සම්බන්ධව කිසිදු සාකච්ඡාවක් නොපැවති බවද සභානායකවරයා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරණයට බියවි ආණ්ඩු පක්ෂයට අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන බවත්,එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණය ඉතා ඉහළින් ජයග්‍රහණය කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මත්පැන් බලපත්‍ර ලබාගත් මන්ත්‍රිවරුන් සම්බන්ධව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විමසා සිටි අවස්ථාවේදී කිරිඇල්ල මහතා මේ බව කියා සිටියේය.