වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කළ එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පැවසිය.
රනිල් වික්රමසිංහ මහතා ඒ බැව් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නුවරඑලිය දිස්ත්රික්කයෙන් මහ මැතිවරණය සදහා තරග කරන අපෙක්ෂක කේ.කේ.පියදාස මහතාගේ ජයග්රහණය තහවුරු කිරිම සඳහා අද (25දා) හැටන් ඩී.කේ. ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ පැවති මැතිවරණ ප්රචාරක රැස්විම අමතමිනි.
“මම වතු පාසල් විද්යාල බවට පත් කරලා ගුරුවරුන් ලබා දුන්නා.එදා වතු කම්කරුවන්ට පුරවැසිභාවය ලබා දුන්නේ ජේ.ආර්.ජයවර්ධන මහතා සහ මම වෙන කවුරුත් නෙවෙයි.
මම අගමැති වුණාම ඉන්දියානු රජයෙන් ආධාර ලබාගෙන වතු කම්කරුවන්ට නිවාස දොලොස් දහසක් ඉදි කරනවා.
අපේ අඩුපාඩුකම් තිබුණා. ඒකට මම කාටවත් චෝදනා කරන්නේ නැ.
එක්සත් ජාතික පක්ෂය තමයි වතුකරය ගැන බලාගත්තේ .
ආණ්ඩුව කොරොනා පාලනය කරන්නේ නෑ. දිනකට පරික්ෂණ පන්දහසක් කරන්න ඕනි.
සමහරු කියනවා අපේ කාර්යාලය අල්ල ගන්නවලු, සමහරු කියනවා අපි එක්සත් ජාතික පක්ෂයේ කියලා. සමහරු කියනවා එක්සත් ජාතික පක්ෂය ඉඩ දුන්නලු තරග කරන්න කියලා.
අන්තිමට මාව උසාවි ගෙනහින් නඩු දැම්මා. හැබැයි ඔවුන් පැරදුණා.
සමගි ජන බලවේගය වෙනම පක්ෂයක් එක්සත් ජාතික පක්ෂයේ කොටසක් නෙවෙයි.
පක්ෂයට අයිති ගොඩනැගිල්ල අල්ලන්න ආවොත් පොලිසියට කියනවා ඒ අය අල්ලන් යන්න කියලා.
එක්සත් ජාතික පක්ෂයේ ඉන්නව නම් අලියට ජන්දය දෙන්න.
රට බේර ගන්න පුළුවන් , ආර්ථිකය ගොඩ ගන්න , ජනතාවගේ අතට සල්ලි ගෙන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයය” යනුවෙන් පැවසිය.