අනුරාධපුර ශික්ෂණ රෝහල් ගෑස් උඳුනත් පුපුරයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්රධාන මුළුතැන්ගෙයි බත් පිසීම සඳහා භාවිතා කරන ගෑස් උඳුනක කොටසක් අද (19) දහවල් කාලයේ ගිණි ගෙන ඇත.
මෙම ගෑස් උඳුන සඳහා එකවර ගෑස් සිලින්ඩර තුනකින් ගෑස් සැපයෙන අතර එක් වරකට පමණක් සහල් කිලෝ 25කට ආසන්න ප්රමාණයක් පිසිය හැකි බවද සඳහන්.
අද දහවල් කාලයේදි විශාල ශබ්දයක් සමගින් උඳුනට ගෑස් සැපයෙන කොටස සහ උඳුනේ ගෑස් පිටවෙන ස්ථානය ගිනි ගෙන ඇති අතර රෝහල් සේවකයින් පැමිණ එම උඳුනට ගෑස් සැපයෙන මාර්ගය විසන්ධි කිරීමට කටයුතු කිරීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල විනාසයක් නවත්වා ගැනීමට හැකියාව ලැබී ඇත.
කෙසේ වෙතත් මේ වන විට එම ගෑස් උඳුන ගිණි ගැනීම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයිද සඳහන්.



popular news
-
Wimal Sunday, 19 December 2021 11:47 PM
Tell Bandula to replace the machine
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

