ආරච්කට්ටුව පොලිස්වසමේ අඩිප්පල- බෝපත්ගම ප්‍රදේශයේ තියුණු ආයුධයකින් සිදුකල පහරදීමකින් කාන්තාවක් මියගොස් ඇගේ සැමියා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවූ තිදරු මවක් බව පොලීසිය සඳහන් කරයි.
ඝාතනයට ලක්ව ඇති කාන්තාව තමන්ගේ නිවස අසල පදිංචි සිටි සැකකරු සමග අනියම් සම්බන්දතාවක් පවත්වා ඇති අතර එයට ඇගේ නීත්‍යානුකූල සැමියාගෙන් විරෝධයක් එල්ල වී නැතැයිද සඳහන්.
කෙසේ නමුත් පසුගිය දිනක මෙම කාන්තාව අදාල සැකකරු සමග මිහින්තලය ප්‍රදේශයට ගොස් ඇති අතර පසුව ඇය නැවත සැකකරු සමග නිවසට පැමිණි අවස්ථාවේදි කාන්තාවගේ සැමියා සැමියා ඊට විරෝධය දැක්වීම නිසාවෙන් ඔවුන් අතර බහින්බස් වීමක් සිදුව ඇතැයිද මේ අවස්ථාවේදි ඇගේ අනියම් සැමියා විසින් මෙම කාන්තාව සහ ඇගේ සැමියාට තියුණු ආයුධයකින් පහර දී ඇතැයිද අනාවරණය වී ඇත.
දෙදෙනාම ප්‍රතිකාර සඳහා හලාවත මහරෝහලට ඇතුලත් කර ඇති අතර එහිදි කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇත.
සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විර්ශන කටයුතු සිදු කරයි.