අන්තවාදීන්ගෙන් තොර ආණ්ඩුවක් පිහිටුවීමට පළමු වතාවට හැකියාව ලැබී තිබෙන බවද ලැබූ ජයග්‍රහණය සැමරීමට ඇති හොඳම ආකාරය ජනතාවට ලබා දුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීම බව නාමල් රාජපක්ෂ පවසයි.
නාමල් රාජපක්ෂ මෙසේ පැවසූයේ අද(7) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී මාධ්‍ය වේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
නාමල් රාජපක්ෂ මෙසේද පැවසුවේය.
අපි ජනතාව කෙරෙහි විශ්වාසය තැබුවා. හම්බන්තොට දිස්ත්‍රීක්කයේ හත් දෙනාගෙන් හය දෙනකුම ජයග්‍රහණය කළා. දිස්ත්‍රීක්කයේ ජනතාව නැවත වතාවක් මා කෙරෙහි විශ්වාසය තබලා ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාව ලබා දී තිබෙනවා. ඉදිරි කාලයේදී අපි කළ යුතු වන්නේ ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිඵත්ති ක්‍රියාත්මක කරලා මේ රට ගොඩනැඟීම සඳහා අවශ්‍ය ප්‍රතිඵත්ති ක්‍රියාත්මක කිරීමයි.
දේශපාලනය කියන්නේ ජය පරාජය උසුලන්න පුරුදු වෙන්න ඕනෑ. අනිත් පක්ෂවල අය මානසිකව වැටිලා ඇති. අපි ඒ අයටත් කියන්නේ මේවාට පුරුදු වෙන්න ඕනෑ. එදා මහින්ද මහත්තයා පැරදිලා කාර්ල්ටන් එකට එනකොට අද පැරදිලා ඉන්න අය හිතුවේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා දේශපාලනයට එයි කියලා. හැබැයි මේ රටේ ජනතාවත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්තයා දේශපාලනය කළා. ඒ ජනතාව නැවත වතාවක් මහින්ද රාජපක්ෂ මහත්තයාට ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණයක් ලබාදුන්නා. ව්‍යවස්ථාව හදනකොට ජේ.ආර්.ජයවර්ධන මහත්තයාවත් හිතුවේ නැහැ මෙහෙම ජයග්‍රහණයක් පක්ෂයකට ලැබේවි කියලා.
දැන් තිබෙන්නේ ලැබුණු ජයග්‍රහණය බුක්ති විඳීමයි. එම ජයග්‍රහණය බුක්ති විඳින්න තිබෙන හොඳම ආකාරය තමයි රටේ ජනතාවට අපි ලබා දුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීමයි. ඉදිරි දවස් කිහිපය තුල අගමැතිතුමා සහ කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්නාට පසුව මෙය ක්‍රියාත්මක කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ ප්‍රතිඵත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කළා. එයට දැවැන්ත ජන වරමක් ලැබුණා. ඊට නොදෙවෙනි ජන වරමක් මෙවර මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලැබුණා. මේ ජනවරමවල් දෙක එකතුකරලා රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳන්නත් කොරෝනා වැනි අභියෝග විසඳන්නත් බලාපොරොත්තු වෙනවා.
පළමු වතාවට අපිට හැකියාව ලැබී තිබෙනවා අන්තවාදීන්ගෙන් තොර ආණ්ඩුවක් පිහිටුවන්න. මෙය සමස්ථ ශ්‍රී ලාංකිකයන් ලැබූ ජයග්‍රහණයක්. 2009දී මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධය අවසන් කරලා සාමය ගෙනාවට පස්සේ අපිට විසඳන්න බැරි වුණ ප්‍රශ්න විසඳන්නත් බලාපොරොත්තු වෙනවා යැයිද කීවේය.
අනීෂා මානගේ
