ඇදිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් බලපත්රයක් නොමැතිව අනවසරෙන් තේ වත්තේ මැණික් ගරමින් සිටි සැකකරුවන් හත් දෙනෙකු ඊයේ (1) දින රාත්රියේ අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.
බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්රොසො තේ වත්තේ අනවසරෙන් මැණික් ගරමින් සිටි තිදෙනෙකු සහ එම පොලිස් වසමට අයත් බ්රිඩ්වෙල් තේ වත්තේ අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් සිවුදෙනෙකුයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් මැණික් ගැරිම සදහා උපයෝගි කරගත් උපකරණ රැසක් සහ සැකකරුවන් විසින් ගොඩදමා තිබු මැණික් ඉල්ලම් පස් තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්රදේශයේම පදිංචිකරුවන් බවත්, සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , සැකකරුවන්ට එරෙහිව හැටන් මහේස්ත්රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.