අනවසර සංක්රමණිකයින් පිරිසක් නිතිවිරෝධි අයුරින් ප්රවාහනය කිරිම හා අනවසර සංක්රමණික මිනිස් ජාවාරමකට සහය දීම සම්බන්ධයෙන් ශ්රී ලාංකිකයින් දෙදෙනෙක්ව ඉතාලියේ ත්රස්යේ ප්රදේශයේදි පසුගියදා ඉතාලි දේශසීමා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම් පි කේ චමින්ද 50 නැමති අයෙකු හා ඔහුගේ සහායකයෙක් ලෙස කටයුතු කල ආර් ආර් සි එල් ප්රනාන්දු නැමති අයෙකි.
ස්ලොවෙනියා හා ඉතාලි දේශසිමාව ආසන්නයේදි සැක සහිත වැන් රථ දෙකක් නවත්වා පරික්ෂා කිරිමේදි එහි සිටි අනවසර සංක්රමණිකයින් වු බංගලදේශ ජාතිකයන් පිරිසකගෙන් ප්රශ්න කිරිමෙන් ලැබුණු තොරතුරු මත එම බංගලදෙශ ජාතිකයන්ව හොර රහසේ ඉතාලියට ඇතුලුවීමට සහාය වු එම වැන් රථවල රියදුරන් ලෙස කටයුතු කල ලාංකිකයන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බව දේශ සිමා පොලීසිය පැවසීය.
නීතිවිරෝධි සංක්රමණික ජාවාරමට සහාය දීම ඉතාලි අපරාධ නීතිය යටතේ බරපතල වරදක් බැවින් එම පුද්ගලයන්ව අධිකරණයට ඉදිරිපත් කරන බව ඉතාලි දේශ සීමා පොලීසිය පැවසීය.
චන්දන ප්රනාන්දු