අනවසර වැලි කැණීම් නතර කිරීමට දුන් නියෝග එලෙසම ක්රියාත්මක කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අවධාරණය කරනවා.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය මේ බව සදහන් කළේ ත්රිකුණාමලයේ පැවති වැඩමුළුවකදීයි.
කාබනික ගොවිතැන සම්බන්ධයෙන් ත්රිකුණාමලය දිස්ත්රික් පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සහ මන්ත්රීවරුන් දැනුවත් කිරීම සදහා මෙම වැඩමුළුව පැවැත්වුණි.
පරිසරය විනාශ කරමින් සිදු කරන වැලි කැණීම් නතර කිරීම සදහා තමන් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදුන්නේ සිදුවන මහා පරිසර විනාශය සියැසින් දැකගැනීමෙන් අනතුරුව බවයි ආණ්ඩුකාරවරිය මෙහිදී පෙන්වා දුන්නේ.
ත්රිකුණාමලයෙහි ඉතාමත් අසාධාරණ ලෙස වැලි කැණීම් සිදුවන බවට චෝදනා රැසක් එල්ල වී ඇති බවද ඒ මහත්මිය සදහන් කළාය.