අනවසර ගිනි අවි රජයට භාරදීමේ වැඩසටහන යටතේ දිවයින පුරා අනවසර ගිනි අවි 200ක් දිවයින පුරා පොලිස් ස්ථානයන් වෙත භාරදී ඇති බව පොලීසිය පවසයි.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ උපදෙස් අනුව පසුගිය 05 දා සිට 12 දා දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේය.
මෙහිදී වැඩිම වශයෙන් අනවසර ගිනි අවි භාර දී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම සංඛ්‍යාව 78කි. අඩුම වශයෙන් අනවසර ගිනි අවි භාර දී තිබෙන්නේ නැගෙනහිර පළාතෙනි ඒ බෝර 12 ගිනි අවියකි.
මෙම කාලය තුළ අනවසර ගිනි භාර නොදී ළඟ තබා ගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.