නුගේගොඩ අනුලා පාසලේ පෞද්ගලික ඉරිදා දහම් පාසල බලෙන් විවෘත කිරිමට බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි මහතා පියවර ගැනීමට විරෝධය දක්වමින් එම විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියන් පිරිසක් අද විරෝධතාවක නිරත විය. පාසල ඉදිරිපිට පැවැති මෙම විරෝධතාව හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි වාහන රථ බදයක්ද නිර්මාණය විය.