Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පිහිටි අනුරාධපුර සමයට අයත් බවට සැළකෙන විශාලම ස්තූපය හා එය පාදක කර ගනිමින් ගොඩනැගුණු ආරාම සංකීර්ණය කිසියම් පිරිසක් ඩෝසර් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
විසිරී පවතින නටඹුන් පරීක්ෂා කිරීමේදී මෙම ස්ථූපය හා ආරාම සංකීර්ණය ක්‍රි.ව. 02-03 පමණ සියවස්වලට අයත් වෙතැයි අනුමාන කල හැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාවඩිවෙම්බු ග්‍රාම සේවා වසමේ මෙම ස්තූපය හා ආරාම සංකීර්ණය පිහිටා ඇත.
වාලච්චේන මඩකලපුව මාර්ගයේ ADS හංදියෙන් වමට හැරී කිලෝමීටර් 04ක් පමණ දුරක් ගමන් කිරීමෙන් මෙකී ස්ථානයට ළඟාවීමේ හැකියාව පවතී. කලපු කොටසකින් වටවූ භූමියේ තරමක් උස් ස්ථානයක ආරාම සංකීර්ණය පිහිටා ඇත.
මෙහි ප්‍රධාන ස්තූපය හා ආරාම සංකීර්ණයේ කොටසක් ඩෝසර් කර මිරිස්, මෑ, බටු හා පොල් වැනි බෝග වගාකර ඇත. ස්තූපයට අමතරව ඉපැරණි ගොඩනැගිලි 07ක අවශේෂ හඳුනාගත හැක. ස්තූපයට නැගෙනහිරට වන්නට පිහිටි අවශේෂ ගොඩනැගිලි තවමත් විනාශකර නොමැත.
ස්තූපයේ උතුරු දිශාවට වන්නට සිරිපතුල් ගල් දෙකක් හා කැටයම් රහිත සඳකඩ පහණක් දැකිය හැකිය. ස්තූපයට අයත් විශාල ප්‍රමාණයේ ශිලා පුවරු, ස්තම්භ හා ගඩොල් යන්ත්‍රෝපකරණ මාර්ගයෙන් ඉවත්කර ඉඩමේ කෙළවර ගොඩගසා ඇතැයි පුරාවිද්‍යා ආරංචි මාර්ග පවසයි.
තවත් ගඩොල් කොටස් ස්තූපය අසළම ගොඩගසා ඇත බවත් ස්තූපයේ විශ්කම්භය මීටර් 32ක් පමණ බවත් සඳහන් වෙයි.
ස්තූපයේ පේසා වළලු හා ගර්භයේ බිත්ති කොටස් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර මෙයට අයත් බොරදම් ගඩොල් තැන තැන විසිර පවතී. ස්තූපයට නැගෙනහිර දිශාවට වන්නට පෙරලා දමන ලද යූපස්ථම්භය දැකිය හැකිය. භූමිය පුරා රක්ත වර්ණාලේපිත මැටිබඳුන් කොටස් මෙන්ම උළු හා ගඩොල් විසිර පවතී.
popular news
Bandula. Monday, 24 June 2019 11:43 AM
මිනිසුන් ජිවත් වෙන්න ඔරනේ. එත් මොනම බලදරයෙක් හෝ ජාතියක් ගෙන් පාලි ගැනීමකට කරනවානම් මෙවන් ආපරාද බිහිරි අලින් වගී ඉන්න ඒ යට මේක සාප යක්ම වෙන්න ඔරනේ.
Reply : 0 3
shan Monday, 24 June 2019 12:15 PM
මින් ඉදිරියට අපද අපට ඇවසි ඉඩ ලබා ගැනීමට අනෙක් පළාත්වල ඇති පල්ලි ඩෝසර් කර ඉඩ ලබා ගත යුතුය එවිට මොඋන්ට තත්වය වැටහෙනු ඇත
Reply : 0 12
Sanath Monday, 24 June 2019 01:21 PM
බලයට පොරකනවා මිසක මේ ගැන බලන්න කිසි බලදරයෙක් කෝ ?
Reply : 0 13
Desapriya mahinda Monday, 24 June 2019 02:20 PM
දෙසැම්බර් මාසයෙන් පසු මේ ඉපැරණි සිද්දස්ථාන හමුදාව යොදවා සංරක්ෂණය කර ආරක්ෂා කරන බව බෞද්ද ජනතාවට දන්වමි සහතික වෙමි
Reply : 0 9
Champa Monday, 24 June 2019 04:46 PM
මේක ඩෝසර් කලේ වහල් ආණ්ඩුවේ මොන අමාත්යන්ශයෙන්ද කියලයි හොයල බලන්න ඕනේ. මට නම් කිව්වැකි අමාත්‍යංශයේ නම. හැබැයි "අද" බයගුල්ල ඒක දාන්නේ නැහැ. රාජ්‍ය අනුග්‍රහය නැතුව උතුරු නැගෙනහිර මේ විදිහට දිගින් දිගටම පුරාවස්තු ඩෝසර් කරන්න බැහැ. මේක පිටිපස්සේ ඉන්නේ ජනාධිපති අගමැති ඇතුළු වහල් ආණ්ඩුව. කාටහරි ඉතාම බරපතල ඕනෑකමක් තියෙනව සිංහල දෙමල මුස්ලිම් කෝලාහලයක් ඇති කරන්න. ඒකයි මේවා කරන්නේ. අර මුලතිව් ගුරුකන්ද පන්සලේ බෝඩ් එක ගලවල තාම හයි කරල නැහැ. ගලවන්න කියල තියෙන්නේ වහල් ලේකම් කාර්යාලයෙන්. දෙමල කෝවිලේ බෝඩ් එක විතරක් තියෙනවා.
Reply : 1 17
Gamage Tuesday, 25 June 2019 09:07 AM
මෙවනි නටබුන් වූ පෞරානික වටිනකමක් අති දාගබ් සියල්ල යලි පිලිසකර කල යුතුයි. එය රජයට දෑරිය නොහකි නම් භික්ශුන් වහන්සෙලාට හො විහාර වලට පවර ජනතාව දයක කරගෙන යලි පිලිසකර කල යුතුයි. එවිට මෙලෙස කිසිවෙකුට ඩොසර් කිරිමට නොහෑක. එසේ කලහෑකි රජයකට පමනක් ජනතාව ජන්දය දී ඉදිරි මෑතිවරණයෙදී පත්කරගත යුතුයි. වෙන විකල්ප නෑත.
Reply : 5 15
anura Tuesday, 25 June 2019 05:28 PM
මෙවන් බිහිසුණු අපරාද යහපාලන රජය යටතේ වීම ඉතා නින්දිත වෙනවා. කෝ මේ බලධරයන් , මේවට වග කිව යුතු ?? අප කාට කියන්නද මේ අපරාද ?? රට හරියට පාලනය කරන්න බැරි නම් මේ යහපාලන නඩය පාර්ලිමේන්තුව විසුරුවා හැරියයුතුය . රනිල් / සිරිසේන මුළු රටම විනාස වෙනකම් නිකම් බලාගෙන ඉන්නවා !!
Reply : 0 0
Kithsiri Wednesday, 26 June 2019 10:43 AM
ගඩොල් කොහිද යකෝ අනුරපුර යුගයේ උනේ..
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd