ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර යන මහත්වරුන් අභියාචනාධිකරණය හමුවේ පැවැත්වෙන පෙත්සම් විභාගය අවසන්වන තුරු බව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීම සඳහා පත්කර තිබෙන කොමිසමට නොකැඳවන බව එම කොමිසම අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
අනුර කුමාර දිසානායක සහ ශානි අබේසේකර යන මහත්වරු ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම අද (27දා) අභියාචනාධිකරණයේ දී සළකා බැලූ අවස්ථාවේදී එම කොමිෂම මේ බව දැනුම් දුන්නේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. ඒම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම සළකා බැලීම සිදු කළේය.