අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් වයස අවුරුදු 7ක කුඩා දැරියක් ඊයේ 8 මියගොස් ඇතැයි පානදුර පොලිසිය කියයි .
මියගොස් ඇත්තේ පානදුර දකුණ කෙසෙල් වත්ත ,දිග්ගල,මහකිත්ගම පදිංචිව සිටී පිනිශියා ඉමාෂා ඊරියගම (7) දැරියයි.
අනතුර වන අවස්ථාවේදී මව සහ පියා රැකියාවට ගොස් තිබී ඇති අතර වයස අවුරුදු 18 වැඩිමල් සොයුරිය ඇතුළු සොයුරු සොයුරියන් තිදෙනකු නිවසේ සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත .
නිවස ආසන්නයේ පිහිටි මෙම ළිඳ අසල තිබී ප්ලාස්ටික් කෝප්පයක් පොලිසිය භාරයට ගෙන ඇත .
එම ළිඳට දමන බාල්දිය හා ලණුව ඇඳට මදක් ඈතින් තිබී ඇති අතර දැරිය ප්ලාස්ටික් කොප්පයෙන් වතුර ගැනීමට උත්සාහ කිරීමේදී ළිඳට වැටෙන්නට ඇතැයි පොලීසිය සැක කරයි
දැරියගේ මළ සිරුර පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයට කර පි සි ආර් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය .
පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජි එස් අයි ,ගිනිගේ මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක වසන්ත පෙරේරා මහතා පරීක්ෂණ පවත්වයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ