රගර් කී‍්‍රඩක මොහොමඞ් තාජුඞීන් ඝාතනයේ තොරතුරු සැඟවු බවට චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුව අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ කැඳවනු ලබන හෙයින් එම අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අනුර සේනානායක මහතාට සිතාසි නිකුත් කරනු ලැබ ඇත.
හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මෙලෙස අධිකරණයට කැඳවා ඇත්තේ ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති අධිචෝදනා පත්‍ර භාරදීම සඳහාය.
2012 මැයි මස 12 වැනිදා හෝ ඊට ආසන්න කාලයේදී ඝාතනය කළ මොහොමඞ් වසීම් තාජුඞීන් ඝාතනයේ අපරාධකරුවන් නීත්‍යනුකූලව දඬුවමෙන් ආරක්ෂා කිරීම සඳහා අසත්‍ය තොරතුරු සැපයු බවට සහ මොහොමඞ් වසීම් තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වුවහොත් මරණීය දඬුවමෙන් දඬුවම් ලැබිය හැකි බව දනිමින් එම අපරාධයේ වරදකරුවන් ආරක්ෂා කළ බවට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
වසීම් තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් සිදුකළ විමර්ශන වලදී හෙළි වු තොරතුරු වලට අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අමතරව නාරාහේන්පිට පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුමිත් චම්පික සහ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ආනන්ද සමරසේකර යන මහත්වරුන් සැකකරුවන් ලෙස නම් කොට සිටි අතර නීතිපතිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇත්තේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව පමණී.
මේ සම්බන්ධයෙන් මුලින් නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා හමුවේ නඩු පවරා තිබු අතර එම නඩුව ඉල්ලා අස්කරගත් නීතිපතිවරයා ඉන්පසුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ මෙම නඩුව පවරා ඇත.
එම නඩුව හෙට (27) දින කැඳවීමට නියමිතය.