ගල්ගමුව පොලිස් වසමේ නිවසක් පරික්ෂාවට ලක්කිරීමේදී මළ සිරුරු තුනක් හමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
අවුරුදු 28ක් වන කාන්තාවක්, අවුරුදු 10ක් වන ඇයගේ පිරිමි දරුවා හා කාන්තාව සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය බව කියන අවුරුදු 28ක තරුණයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ රාත්‍රී ඇතිවූ යම් සිද්ධියකදී අනියම් සබඳතාව පවත්වාගෙන ගිය පිරිමි පුද්ගලයා කාන්තාව හා දරුවා ඝාතනය කිරීමෙන් පසුව ඔහුද සියදිවි නසා ගැනීමට ඇතැයි දැනට පොලීසිය සැක කරන බව පොලීසිය කියයි.