ආණමඩුව කොට්ටුකච්චිය කටුව අතුරු මාර්ගයක් හරහා ( 16 ) දින අළුයම රැකියාව සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට වනඅලියකු එල්ල කර ප්රහාරයකින් බේරි ඇත්තේ හාස්කමකින් බව පුත්තලම අලි පාලන ඒකකය පවසයි.
කොට්ටුකච්චිය කටුව ප්රදේශයේ සිට පුත්තලමට රැකියාව සදහා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට අළුයම (16) දින 5.30 ට පමණ මාර්ගයේ රැදි සිටි වනඅලියකු එකවර දිව විත් මොවුන් ගමන් කළ යතුරුපැදියට පහර දි එක් අයකුට ද පහර එල්ල කර ඇතත් ඔහු ජීවිතය බේරා ගෙන ඇත්තේ යාන්තමින් බව කියයි.
සිද්ධියට මුහුණ දුන් තුෂාර වර්ණකුල මහතා පැවසුවේ,
“ මම පාන්දර සේමේ මාමත් එක්ක වැඩට යන්න යතුරුපැදියෙන් ආවා එද්දි එක පාරම කොහෙද හිටිය අලියෙක් පාර මැද්දට ඇවිත් කෑගහගෙන ඉස්සරහට ආවා මට කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ වෙද්දි යතුරුපැදියේ පිටුපස හිටපු සේමේ මාමා පැනලා කැලේ හැංගිලා .මම එකපාරම කෑගැහැව්වා ඒ උනත් අලියා එකපාරම යතුරුපැදියේ ඉස්සරහා පොඩි කරලා දැම්මා පස්සේ මට පයන් ගැහුවා අලියාගේ නිය පාරක් වැදිලා මට තුවාල වුණා. මම එක පාරම කෑලෑවට රිංගලා ජීවිතය බේර ගත්තා . ඒ එක්කම තවත් අලියකුත් ඇවිත් අලි දෙන්නාම කෑගහලා කෑලෑවට රිංගලා යන්න ගියා යැයි ඔහු පැවසිය .