අනන්‍යතාවය යනු අන්තවාදය නොවන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ සිය මුහුණු පොත වෙත නිවේදනයක් නිකුත් කරමිනි.
මෙහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළ සිටියේ,
“මොන බෙදුම් ප්‍රශ්න, මොන දුර්වලතා තිබුණත් ඉතා පැහැදිලිව අපේ ආරක්ෂක අංශවල, විශේෂයෙන්ම බුද්ධි අංශවලින් ලබාදුන් තොරතුරු සැලකිල්ලෙන් අරගන්නේ නැතිව, ඇතැම් දුෂ්ඨ දේශපාලකයින්ගේ දේශපාලන උවමනාවන් මත අත්අඩංගුවට ගත් පිරිස් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා තමයි මේ ව්‍යසනය අපට ඇති උනේ.
සහරාන් හෂීම් අද ඊයේ නෙමෙයි 2014 වගේ කාලයක නිෂ්ක්‍රීය කරන්න තිබූ චරිතයක්. ඒ වගේම අද අනාගතයේ බිහිවෙන්න යන මේ ත්‍රස්තවාදී සාතන්වරු, සාන්තුවරු බවට පරිවර්තනය කිරීමේ කි‍්‍රයාවලියෙන් අපි නතර කළ යුතුයි.
ඒ නිසා මේ පිළිබඳව ප්‍රධාන වගකීම තිබෙන්නේ අපේ මුස්ලිම් ජනතාවට. බිය සැක දුරලලා ඉදිරියට එන්න. ඔබ අතර ඉන්න ඒ අන්තවාදීන් අපට හෙළි කරන්න. හෙළි කර අපේ ආරක්ෂක අංශවලට ලබාදෙන්න. ඒ වගේම ඔබ අතර තිබෙන මේ රැඩිකල්කරණය වෙනුවට අපි අර පැරණි සහජීවනයට ගමන් කරලා අපි අතරේ අන්තර් සබඳතාවය ශක්තිමත් කර ගන්න අපි කටයුතු කරමු.
සමාජ වෙන්වීමක්, සමාජ බෙදුම්වාදයක් වෙනුවට සමාජ එක්වීමකට ආහාර - පාන, ඇඳුම් - පැළඳුම්, ඇවතුම් - පැවතුම්වලින් අපි එකතු වෙමු. අපිට අනන්‍යතා තිබෙනවා. බෞද්ධයින්ට, හින්දූන්ට, ක්‍රිස්තියානීන්ට වෙන් වෙන් අනන්‍යතා තිබෙනවා. ඒ වගේම ඉස්ලාමීය අනන්‍යතාවය අපි කවුරුත් පිළිගන්නවා. අනන්‍යතාවය කියන්නේ අන්තවාදය නොවන බව අපි සියලූ දෙනාම වටහා ගත යුතුයි.
අපි සියළු දෙනාම ජීවත් වන්නේ මනුෂ්‍ය ලෝකයේ බවත්, මේ ශ්‍රී ලංකාවේ බවත් මතක තබා ගත යුතුයි යැයි” ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කෂිනි හපුආරච්චි