කොවිඩ් වසංගතය හේතුවෙන් අනිද්දා (18) සිට බෙලිඅත්ත නගරයේ සියලුම වෙළදෙසැල් වසා දැමීමට තීරණය කර තිබේ.
රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් අද (16) බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේදී බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින්, වෙළඳ සංගම්වල නියෝජිතයන්, බෙලිඅත්ත පොලිසිය, රාජ්‍ය ආයතනවල නිලධාරින් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව හෙට (17) දහවල් 12.00 සිට බෙලිඅත්ත පොදු වෙළදපොල වසා දැමෙන අතර අනිද්දා (18) සිට ලබන 23 වැනිදා දක්වා බෙලිඅත්ත නගරයේ සියලුම වෙළෙදසැල් වසා දැමීමට නියමිතය.