රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින් 16,600 ක් පමණ දුම්රිය ආසන වෙන් කරගෙන ඇති බවත් ඔවුන් සඳහා අනිද්දා (26දා) සිට ලබන සිකුරාදා දක්වා දුම්රිය 27 ක් පිට පළාත් වල සිට කොළඹ දක්වා ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයි දුමිරිය නියොජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස්. පොල්වත්තගේ මහතා පවසයි.
මීට අමතරව මහනුවර සහ බෙලිඅත්ත සිට නගරාන්තර දුමිරිය දෙකක් කොළඹ දක්වා ධාවනය කෙරේ.
මහනුවර, රඹුක්කන, පොල්ගහවෙල, මිරීගම, මහව සහ රාගම සිට දුම්රිය බැගින්ද වේයන්ගොඩ සිට දුම්රිය තුනක්ද, ගම්පහ සිට දුම්රිය දෙකක්ද, ධාවනය කෙරේ.
මීට අමතරව බෙලිඅත්ත, ගාල්ල සහ මොරටුව සිට දුම්රිය බැගින්ද අ`ථත්ගම, කලුතර, පානදුර සිට දුම්රිය දෙක බැගින්ද හලාවත සහ මීගමුව සිට දුම්රිය බැගින්ද, අවිස්සාවේල්ල, කොස්ගම, පාදුක්ක, හෝමාගම සහ කොට්ටාව සිට දුම්රිය බැගින්ද ධාවනය කරන බව ඔහු පැවසීය.
රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල ආසන වෙන්කරගෙන සිටින සේවකයින්ට අමතරව සේවා හඳුනුම්පත ඇති සේවකයින් සඳහාද සීමීත ආසන ගණනක් ලබාදීමට කටයුතු යොදා ඇති බවත් එම සේවකයන් සිය සේවා හැඳුනුම්පත දුම්රිය ස්ථානයේ නිලධාරීන්ට ඉදිරිපත් කර දුම්රියේ ගමන් කිරීමට පහසුකම් සළසා ගන්නා ලෙස දැනුම් දෙන බවද පැවසු නියොජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ආසන වෙන්කර නොගත් සේවකයන් දුම්රිය ස්ථානයට පැමිණෙන අනුපිළිවෙල අනුව ඔවුන්ට ආසන ලබාගැනීමට හැකිවෙන බවද කීය.