අන්තවාදීන්ට මෙරට තුළ කිසිදු ඉඩක් නොමැති බවත් අද (21දා) සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් වගකිව යුතු සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි. ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා සම්බන්ධයෙන් රජයේ කණගාටුව ප්‍රකාශ කරන බවත් ප්‍රහාරය සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්ය.