2019 4 21 සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව කරන විමර්ශනවලට අදාළව එහි ප්‍රධාන අපරාධකරු වන සහරාන් හෂීම් 2018දී පැවැත්වූ අන්තවාදී පංතිවලට එක්වූ සැකකරුවන් තිදෙනෙක් ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙ තිබේ.
කුලියාපිටිය කුකුණගොල්ලේදි මෙම අත්අඩංගුවට ගැනීම සිදුව අතර ඔවුන් අවුරුදු 40,52 හා 55 වැනි වියේ පසුවෙති.
මෙසේ අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් අතර සහරාන් හෂීම්ගේ බිරිඳගේ පියාද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
සැකකරුවන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.