අන්තර්ජාලය හරහා සිදුකරන අසත්‍ය හා නොමග යනව සුළු ප්‍රකාශනවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය නීති පැනවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම බරපතල තර්ජනයක් වන බවත් එම තත්ත්වය සමාජය බෙදීයාමට, වෛරය පැතිරවීමට හා ප්‍රජාතාන්ත්‍රික ආයතන දුර්වල කිරීමට යොදා ගන්නා බවට පෙනී ගොස් ඇතැයි රජය පවසයි.
මෙම ගැටලු විසඳීම සඳහා රටවල් විසින් නීති පැනවිමට මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේද නව නීතියක් හඳුන්වාදීමට නියමිතය.
මේ හරහා පුරවැසියන්ට හා සිවිල් සමාජයට නිවැරදි තොරතුරුවලට ප්රවේශවීමට අවස්ථාව ඇති බවත් රජය පවසයි.
කැබිනට් මණ්ඩල තීරණ