යතුරුපැදියක් හා කැබ් රියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
ගල්ගමුවේදී ඊයේ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තඹුත්තේගම හා අනුරාධපුර පොලීසියයන්ට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකි. අනතුර සම්බන්ධයෙන් කැබ් රියේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. ගල්ගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.