මාතර සිට යටියන දෙසට ඇඟළුම් සේවිකාවන් ප්රවාහනය කළ වෑන් රථයක් හා ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් ඇඟළුම් සේවිකාවන් ප්රවාහනය කරන පුද්ගලික බස් රථයක් අපරැක්කේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඇඟළුම් සේවිකාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙහිදි වෑන් රථයේ ගමන් ගත් ඇඟළුම් සේවිකාවන් පස් දෙනෙකු හා බස් රථයේ ගමන් ගත් ඇඟළුම් සේවිකාවන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. මෙසේ තුවාල ලැබූවන් අතරින් ඇඟළුම් සේවිකාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරණකාරියන් අවුරුදු 35ක් හා 43 වන බෙලිඅත්ත් හා පුහුල්වැල්ල පදිංචිකරුවන් වෙයි.