හදිසි රිය අනතුරකට ලක්ව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගිය 28 හැවිරිදි තරුණයකුට මිය යාමෙන් පසුව කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය විය.
මියගොස් ඇත්තේ 28 හැවිරිදිවියේ පසුවන ගාල්ල හපුගල වක්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොහු ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටියදි රිය අනතුරකට ලක්ව මාස තුනකට ආසන්න කාලයක් කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබා නිවසට ගොස් ඇත.
නිවසේ සිටියදි මොලයේ ඇති වු සංකුලතාවයක් නිසා මොහු අප්‍රෙල් මස 04 වැනිදින නැවත කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇත. රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මොහු ඉකුත් 02 වැනිදින මියගොස් ඇත. මිය යාමෙන් පසුව කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි මොහුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.
මියගිය අයගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් සිදුකළ අතර පශ්චාත් මරණ පරික්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධිදන්දෙණියආරච්චි මහත්මිය විසින් කරණු ලැබිය. ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා හදිසි අනතුරක් හේතුවෙන් මොලයේ ඇතිවු සංකුලතා හා කොවිඩ් ආසාදනය විමෙන් මරණය වි ඇති බවට තින්දු කළේය.
චන්දන සමරවික්‍රම