ඉංගිරිය, රයිගම් වත්තේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අනතුරට ලක් කර යතුරුපැදියකින් පලා ගිය පොලිස් කොස්තාපල්වරයෙකු අද (16දා) අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරිය පොලීසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකි.
පැමිණිලක් විභාග කිරීමට සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඊයේ (15දා) රයිගම් වත්ත ප්‍ර‘දේශයට ගොස් යළි පැමිණෙමින් සිටියදී ඔහු ගමන් ගත් යතුරුපැදිය පුද්ගලයන් දෙදෙනෙකු ගමන් ගත් තවත් යතුරුපැදියක ගැටී තිබේ.
අනතුරින් පසුව පොලිස් කොස්තාපල්වරයා පලා ගොස් තිබූ අතර, තුවාලකරුවන් අදාළ යතුරුපැදියේ අංකය සටහන් කරගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් වී තිබිණි.
පසුවඅනතුර සම්බන්ධයෙන් තුවාල ලැබූවන්ගේ ඥාතීන් විසින් ඉංගිරිය පොලීසියට පැමිණිලි කර තිබූ බව පොලීසිය පැවසීය.
ඒ අනුව අද (16දා) සැකකාර පොලිස් නිලධාරීයා රාජකාරියට වාර්තා කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
බිමල් ශ්‍යාමල් ජයසිංහ