අන්තර් පළාත් බස්රථ ධාවනය අද (27දා) සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීම ට ජාතික ගමනාගමන කමිෂන් සභාව තීරණය කර ඇති බවත් ඒ පිළිබඳ ලිඛිත දැනුම් දීම පළාත් නවයේ ප්‍රවාහන අධිකාරි යන්හි සභාපතිවරුන්ට සිදු කර තිබෙන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ පොදු ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් රජය ගත් තීන්දු තීරණ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඊයේ (25) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී අමුණුගම මහතා ඒ බව පැවසීය .
මගින් විසි පහක උපරිමයකට යටත්ව සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් බස් රථ ධාවනය කළ යුතු බවත් පෞද්ගලික බස්රථ මෙම සීමාවන්ට ගරු නොකරමින් ධාවනය කරන තත්ත්වයක් පසුගිය දිනවල දක්නට ලැබුණ බවත්බ ඔහු පැවැසීය.
මගින් 25 ක සීමාවකට යටත්ව බස්රථ ධාවනය කිරීමේදී රියදුරු, කොන්දොස්තර වැටුප් ගෙවා ඩිසල් මිල අයින් කළ පසු බස් රථ හිමියන්ට පාඩුවක් මිස ලාභයක් නොලැබෙන බව රජය දන්නා බවත් මේ අවස්ථාවේ සේවයක් ලෙස සලකා බස්රථ ධාවනය කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි ද ඒ මහතා අවධාරණය කර සිටියේ ය.
එම සීමාවන්ට යටත් ව බස් ධාවනය කළ නොහැකි නම් බස් ධාවනයෙන් ඉවත් වී සිටින ලෙසත් ඉවත් වූවායැයි කියා කිසිදු පුද්ගලික බස් හිමියෙකුට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා බවත් අවධාරණය කර සිටියේ ය .
ෂේන් සෙනෙවිරත්න