කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස් රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා බස් ධාවකයින්ගෙන් අයකරනු ලබන ගාස්තු නිදහස් කිරීම තවදුරටත් දීර්ඝ කර තිබේ.
2020 මාර්තු මාසයේ සිට මෙම සහන ලබාදුන් අතර එය වසර අවසානය දක්වා දීර්ඝ කර තිබේ.
මේ අනුව අවසර පත්ර යාවත්කාලීන කිරීමේ ගාස්තු, ප්රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොග් පත්ර ගාස්තු, පිවිසුම් පත්ර ගාස්තු, අධිවේගී මාර්ගයන්හි තාවකාලික අවසර පත්ර ගාස්තු වලින් මෙස් නිදහස් කර තිබේ.