අන්තර් ජාතික ජෛව විවිධත්ව දිනය සමරා පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන තුනකදි කඩොලාන පැළ 4000ක් අද ( 22 ) දින රෝපණයට කටයුතු කල බව පුත්තලම දිසා වනකාර්යාලය පවසයි.
සෑම වසරකම අන්තර් ජාතික ජෛව විවිධත්ව දිනය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමරන අතර මෙවර ද ජාතික වැඩසටහන් පහක් ලංකාව පුරා ස්ථාන පහක් තුළදි ක්‍රියාත්මක කර තිබු අතර එයින් වැඩසටහන් තුනක්ම පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කර තිබුණි.
පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩසටහන් අතර වනාතවිල්ලුව පුබුදුගම , කල්පිටිය සේතපොල, හලාවත අඹකදවිල ප්‍රදේශයන්හි සංවිධානය කර තිබුණි.
අදාළ ස්ථාන තුනම පුත්තලම දිසා වනනිලධාරි කාර්යාලයෙන් සංවිධානය කර තිබු අතර වනාතවිල්ලුව පුබුදුගම වැඩසටහන සඳහා පුත්තලම දිසා වන නිලධාරි එම්.එම් .බි.එම් .බංඩාර මහතා ඇතුළු නිලධාරීන් එක්ව තිබුණි.
කඩොලාන පැළ රෝපණය සඳහා ධිවර කාර්මිකයින් මහත් උවමනාවෙන් එක්වි තිබෙනු දැක ගත හැකි විනි.
පුත්තලම - හිරාන් ප්‍රියංකර