බත්තරමුල්ල පොල්දුව වටරවුමේ විරෝධතාවක නිරත වු 31 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම පිරිස අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි, ගුරුසේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් හා කාන්තාවන් දෙදෙනෙකු සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
නිරෝධායන රෙගුලාසි අනුව උද්ඝෝෂණ තහනම් කර තිබියදි අද (8දා) පෙරවරුවේ ඔවුන් විරෝධතාවක් පවත්වා තිබේ.