නියමිත දිනට පෙර ජනපතිවරණයක් නොපවත්වන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය හොඳ වැඩක් බවත් තමන් අවුරුදු දෙකකට පෙර මැතිවණය පවත්වා වරද්දා ගත් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීම සඳහා කෑගල්ල බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
“මොකද මම අවුරුදු 2කට මෙහා තියෙලනේ වැඩේ වරද්දා ගත්තේ නේද? එයා මම හිතන්නේ හොඳ මොලේ තියෙන වැඩක් කරන්නේ. අන්තිම දවස අන්තිම දවස වෙනකම් ඉන්න එක. පළාත් සභාවට මේ අය බයයි. මොන විදිහට තිබ්බත් පරදිනවා. ඒකයි වෙනස.”
මෙහිදී හිටපු ජනපතිවරයා ඉදිරිට පැමිණි කාන්තාවක් හඩා වැටෙමින් පැවැසුවේ “අපිට ජීවත්වෙන්න විදියක් නෑ. ඔබතුමා අපිට ඕනෙමයි” යනුවෙනි.