සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පෙනී සිටිමින් මහරගම පොලිසියේ කොස්තාපල්වරයෙකුට පරුෂ වචනයෙන් බැන වැදුණු සහකාර රේගු අධිකාරීවරයෙකු ඊයේ (27දා)රාත්‍රී අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.
රාත්‍රී නවය ට පමණ පැමිණ තිබෙන මෙම පුද්ගලයා ප්‍රධාන දොරටුවේ රාජකාරි යෙදී සිටි කොස්තාපල්වරයා අමතා තමා සහකාර පොලිස් අධිකාරීවරයකු බව බව පවසමින් පරුෂ වචනයෙන් බැන වදිමින් පොලිස් ස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වී තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඒ අනුව සැකකාර රේගු අධිකාරීවරයා අන් අයෙකු ලෙස පෙනී සිටීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇත.
බිමල් ශ්‍යාමන් ජයසිංහ