අධික වර්ෂාව හේතුවෙන් වතු නිවාස රැසකට හානි
නොර්වුඩ් ප්රදේශයට ඇඳ හැලුණු අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් වතු නිවාස රැසක වහලවල් මත වු සිවිලි තහඩු ගැලවි ගොස් අනතුරක් සිදු වි ඇති බව නොර්වුඩ් පොලීසිය පවසයි.
අද (14) දින පස්වරු 4 ට පමණ නොර්වුඩ් ප්රදේශයට පතිත වු දැඩි වර්ෂාව සහ සුළං තත්ත්වයත් සමග නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වතුයායේ ස්ථාන කිහිපයකම පිහිටි වතු නිවාස 13 ක වහලවල් මත වු සිවිලි තහඩු ගැලවි ගොස් ඇති බවයි නොර්වුඩ් පොලීසිය පැවසුවේ.
සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැති අතර , එම වතු නිවාසවල පදිංචිකරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය ජලය කාන්දු විම නිසා විනාශ වි තිබේ.
මෙම අනතුරෙන් පවුල් 13කට අයත් සමාජිකයන් 68 දෙනෙකු පමණ අවතැන් වි ඇති අතර ඔවුන් තාවකාලිකව ආරක්ෂිත ස්ථානයක නතර කිරිමට නොර්වුඩ් පොලීසිය සහ වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.
නිවාස වල සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

