අධිවේගී මාර්ගයක මෝටර් රථයකින් අනාරක්ෂිතව ගමන් කරන පිරිසක් සොයා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඔවුන් සිය ශරීර කොටස් වාහනයෙන් එළියට දමාගෙන ගමන් කර ඇති අතර එය මෝටර් වාහන පනතේ වරදක් මෙන්ම අපරාධමය වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මෝටර් රථය මහනුවර නගරය ආසන්නයේ පදිංචිකරුවෙකුගේ බව තහවුරු කරගෙන තිබේ.