මහ බැංකු වංචාවටත් වඩා "විසි ගුණයක" අධිවේගී මහා මංකොල්ලයකට ආණ්ඩුව කෙටුම්පත් සකසා ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
ජපන් රජය මගින් සහන ණය ක්‍රමයට ලබාදුන් LRT ව්‍යාපෘතිය නවතා කණු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් ඉදිකිරිම තුලින් අධිවේගී මහා මංකොල්ලයට ආණ්ඩුව අත ගසා ඇති බව ඒ මහතා පවසයි.
ජපන් ආධාර යටතේ සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ලැබුණ බවත් තවත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති තුනක් සදහා ශක්‍යතා අද්යනයක් සිදුකොට තිබු බවත් එම වකවානුව තුල නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කල චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
ජපන් රජයේ ආධාර ඇතිව ඉදිවීමට තිබු LRT ව්‍යාපෘතිය සඳහා වැයකිරීමට තිබු මුළු වියදම ඩොලර් මිලියන 1374ක් උවද එය නවතා දමා ඩොලර් මිලියන 1620ක් වියදම් කරමින් නව කණු මතින් දිවෙන අධිවේගී මාර්ගය ඉදිකරමින් මහා මංකොල්ලයක් සිදුකොට ඇති බව ඔහු පවසයි.
ඉදිවීමට පැවති LRT ව්‍යාපෘතිය ගුවනින් යන දුම්රියක් පමණක් නොව එම ඩොලර් මිලියන 1374ක් යටතේ මේ සඳහා අවශ්‍ය දුම්රිය කට්ටල,ඒවා ගාල් කිරීම සඳහා අවශ්‍ය ස්ථාන,අලුත්වැඩියා කටයුතු සඳහා කර්මාන්ත ශාලා සහ ස්ථාන 17ක් නියෝජනය වෙමින් ඉදිවන නැවතුම්පොළවල් වලින්ද සමන්විත වූ බව චම්පික රණවක මහතා අවදාරණය කරයි.
නමුදු මෙම ව්‍යාපෘතිය නවතාලමින් ඔරුගොඩවත්තේ සිට අතුරුගිරියට කිලෝමීටර් 19ක දුරකින් ඉදිකිරීමට කැබිනට් අනුමැතියද හිමිවීමට පවතින කණුමතින් මතින් දිවෙන අධිවේගී මාර්ගය කිලෝමීටරයක් ඩොලර් මිලියන 25ට ඉදිකරමින් සමස්ත ව්‍යාපෘතිය ඩොලර් මිලියන 475ක මුදලකින් අවසන් කිරීමට හැකියාව තිබියදී එය ඩොලර් මිලියන 1620කට ඉදිකිරීමට සැලසුම් කොට ඇති බව චම්පික රණවක මහතා හෙළිකරයි.
එමෙන්ම ජපන් රජයේ ආධාර හා ජපන් දැනුම භාවිතා කරමින් ඉදිවීමට තිබු LRT ව්‍යාපෘතිය සඳහා වසර 15ක් යනතුරු කිසිදු මුදලක් ගෙවීමට අවශ්‍ය නොවූ බවත් එම වසර 15ක කාලය තු උපයන සියලු මුදල් ශ්‍රී ලංකා රජය සතුවන බවත් වසර 15කින් පසුව ගෙවා දමන ණය සදහාද 0.1% පොලියක් ගෙවීමට එකඟව සිටි බවත් ඒ මහතා පවසයි.
පවතින ඩොලර් හිඟයට මේ මොහොතේ මහඟු පිටුබලයක් වීමට තිබු ව්‍යාපෘතිය නවතා දමා වසර 15ක් තුල එක් වසරකට ඩොලර් මිලියන 108ක් 23%ක පොලියක් යටතේ ගෙවීමට සිදුවන ණයක් ලබා ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාගයේ දැක්ම මල්ඵල ගන්නවමින් ජනතාව ණයකරුවන් කොට මහා අධිවේගී මංකොල්ලයක් සිදුකර ඇති බව අමාත්‍යවරයා හෙළිකරයි.
මෙම මාර්ග ව්‍යාපෘතිය සිදුකිරීමට ලබාදී ඇති විදේශීය කොන්ත්‍රාත් සමාගමට චෛත්‍ය පාරේ සිට කොල්ලු පිටියට ගෝල්පේස් එක යටින් ඉදිකිරීමට සැලසුම් කොට තිබු මාර්ගයද ලබාදීමට සැරසෙන බවත් එය ඩොලර් මිලියන 456ක ව්‍යාපෘතියක් ලෙස පෙන්වා දී ඇති බවත් අමාත්‍යවරයා හෙළි කරයි.
නමුදු එම මාර්ගය යහපාලන රජය සමයේ ඉදිකිරීමට සැලසුම් කොට තිබු එකක් බවත් එය ඩොලර් මිලියන 150ට ආසන්න ගණනකට ඉදිකිරීමට සැලසුම් කොට තිබු බවත් චම්පික රණවක මහතා අනාවරණය කරයි.
මෙහිදී ශ්‍රී ලංකාවට අහිමිවන මුදල ඩොලර් මිලියන 1500කට අධික බවද ඔහු පවසයි.
මෙම අනාවරණය සිදුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසා සිටියේ නිවැරදි දුරදර්ශි ඉංජිනේරුවරුන් මෙම මහා මංකොල්ලයට එරෙහිව නැගී සිටිය යතු බවයි.