අධිකරණ සීමා නිර්ණය කිරීම සහ මහාධිකරණ ඇතුළු අධිකරණ ශාලා වැඩි කිරීම සදහා පත් කළ විශේෂ කමිටුවේ වාර්තාව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා වෙත භාර දී තිබෙනවා.
දිවයින පුරා නව අධිකරණ 125 ක් පිහිටුවීම සහ නව විනිශ්චයකාරවරුන් 112 දෙනෙකු බදවා ගැනීම කමිටු නිර්දේශවලට අයත්.
අධිකරණ සීමා නිර්ණය කිරීම සහ මහාධිකරණ ඇතුළු අධිකරණ ශාලා වැඩිකිරීම සදහා විශේෂ කමිටුව පත් කෙරුණේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
එම කමිටුවේ වාර්තාව අමාත්‍ය අලිසබ්රි මහතා වෙත අධිකරණ අමාත්‍යාංශයේ දී භාර දුන්නා.
දිවයින පුරා අධිකරණ සංඛ්‍යාව 125කින් වැඩි කෙරෙන අතර අලුතෙන් අධිකරණ 74 ක් ඉදිකිරීමට එමගින් යෝජිතයි. මහාධිකරණ 16ක් දිසා අධිකරණ 21ක්, මහේස්ත්‍රාත් අධිකරණ 19ක් සහ ඒකාබද්ධ අධිකරණ 18ක් ඊට අයත්.
පවතින අධිකරණ ශාලා පුළුල් කිරීමට ද කමිටුව යෝජනා කර තිබෙනවා